GuidePedia

0


මුහුණු ‍පොත නොහොත් ෆෙස් බුක් පිටුවක පළවූ ඡායාරූපයක් සම්බන්ධයෙන් කුරුණෑගල ප්‍රසිද්ධ පාසලක 17 හැවිරිදි ශිෂ්‍යාවකට විදුහල්පතිවරයා අවවාදකිරීමක් සම්බන්ධයෙන් සිත්තැවුලට පත්ව නිවසේ කාමරයක පෙරේදා (5) ගෙල වැළදාගෙන මිය ගිය පුවත පිළිබදව බොහෝ දෙනා කතා කළ නමුත් එහි සවිස්තර සටහනක් කර නොතිබුණි. මේ ඒ අවාසනාවන්ත කතාවේ සුල මුලයි. දිවි නසා ගත් සිසුවිය විසින් ඇය එසේ දිවි නසා ගැනීමට හේතු වූ කරුණ පිළිබදව සවිස්තරාත්මක ලිපියක් ලියාමියගොස් තිබුණි.

මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ දඹුල්ල පාර, තෝරයාය පදිංචි "පී.පී. වෙනෝෂා ඉමන්දි" දැරියයි. මෙවර අධ්‍යාපන ‍පොදු සහතික පත්‍ර විභාගයට පෙනී සිටිමින් සිටි ඇය දක්ෂතාවයන් රැසකින් යුක්ත රූමත් දැරියකි. ඇය පාස‍ලේ නිල ඇඳුමෙන් හා නිල ලාංඡනය සහිතව ෆේස් බුක් ගිණුම් දෙකක් පවත්වාගෙන ගොස් ඇති අතර, කිසිවකු ඇයගේ ෆෙස් බුක් තොරතුරු ගොණුවක් විදුහල්පතිවරයා වෙත යොමු කර ඇත.

ඔහු ඒ සම්බන්ධයෙන් දැරිය කැඳවා අවවාද කොට මව සහ පියා පාසලට කැඳවාගෙන එන ලෙසට ඇයට දැනුම් දී තිබේ. මෙම සිදුවීමෙන් දැඩිලෙස සිත්තැවුලට පත් ඇය නිවසට නිවසට ගොස් දිවිනසා ගැනීමට පෙර පුල්ස්කැප් පිටු 1 1/2ක් පමණ දිගු හා සවිස්තරාත්මක ලිපියක් ලියා තබා ඇත.

තමන් කිසිදු ආකරයක වැරැද්දක් නොකළ බවත් තමා ෆෙස් බුක් එකක් නිර්මාණය නොකළ නිසා නිරපරාදේ මව්පියන් පාසලට කැඳවාගෙන ගොස් ඔවුන්ට අපහාස කිරීමට තිබෙන බලවත් අකමැත්ත නිසාම සිත්තැවුලෙන් ගෙල වැළදාගෙන දිවිනසා ගැනීමට ක්‍රියාකළ බවත් එම ලිපියේ සඳහන් කර ඇත.

තවද මෙම කරුණ සම්බන්ධයෙන් විදුහල්පතිට චෝදනා නොකරන ලෙසද ඉදිරියේ දී ළමයින්ට මෙවන් සිත්තැවුල් ඇති නොවන ආකාරයට සලකන්නට ඔහුට ක්‍රියාකරන ලෙසද ඇය එම ලිපියෙන් ආයාචනා කොට තිබේ.



ප්‍රසිද්ධ රූපවාහිනි නාලිකායක් මෑතක දී පවත්වන ලද සංගීත වැඩසටහනක දී අවසන් විසිදෙක අතරට පත් වූ ඇය නැටුමට ගැයුමට හපන්කම් දැක් වූ දැරියකි.

ඇයගේ මව පවසන්නේ තම දුව කුඩා සිද්ධියක දී පවා ඉතා සංවේදී වන අයෙකු බවත් විදුහල්පතිවරයා කරන ලද දෝෂාරෝපණයට පත් වීමෙන් අනතුරුව ඇයට සිත්තැවුල විඳදරා ගැනීමට නොහැකි වී ඇති බවත් ය. මෙම විදුහල්පතිවරයා නිසි සොයා බැලීමකින් තොරව ගත් අවේගශීලී ක්‍රියාමාර්ග නිසා තමාගේ දියණිය මෙවන් අවාසනාවන්ත ඉරණමකට පත්වූ බව ඇය දැඩි සංවේගයෙන් යුතුව පවසයි.

ඇය මෙවර 2014 වසරේ අධ්‍යාපන ‍පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට විශිෂඨ ප්‍රතිඵලයන් අත්කර ගැනීමට අපේක්ෂාවෙන් සිටින බවත් නිවසේ දී ඉතා නිහඬ චරිතය වූ බවත් දෙමවුපියෝ පවසති.

ඇයගේ මව වූ "ශිරානි ආරියලතා" සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පෙර පාසලක සේවය කරන අතර, පියා ව්‍යාපාරිකයෙකි. මියගිය "වෙනෝෂා ඉමන්දි" ඔවුන්ගේ පවු‍ලේ දෙවැන්නා ය. ඇයගේ වැඩිමහල් සහෝදරිය ගුවන් හමුදාවේ සේවය කරන අතර, බාල සොහොයුරිය 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නී ය. සහෝදරියන් දෙදෙනාම සොයුරියගේ අකල් මරණය දරාගත නොහැකිව ශෝකයට පත්ව ඇත.

කුරුණෑගල ශික්ෂණ රෝහ‍ලේදී පශ්චාත් හදිසි පරීක්ෂණය ඊයේ (6) පැවැත්වීමට නියමිතව තිබුණු අතර, ඊට විශේෂ ‍පොලිස් ආරක්ෂාවක් යොදා ඇත.

කුරුණෑගල මූලස්ථාන ‍පොලීසියේ ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක අජිත් වංශනාථ මහතාගේ උපදෙස් පරිදි ‍පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.

Post a Comment

 
Top