ලොව සුපතළ ඇමෙරිකානු හොලිවුඩ් රංගන ශිල්පියකු මෙන්ම නිරූපණ ශිල්පියකු වූ "පෝල් වෝකර්" නොසිතු අවස්තාවකදී හදිසි අනතුරකින් මියයාමෙන් අනතුරුව පෝල් වෝකර්ගේ ඩොලර් මිලියන 25ක බූදලයට හිමිකම් කියනු ඇත්තේ ඔහුගේ දියණිය බව විදෙස් වාර්තා අනාවරණය කරයි.
ලොස් ඇන්ජලීස්හි මෝටර් රථ අනතුරකින් මියගිය පෝල් වෝකර්ගේ එකම දියණිය වන "මිඩෝ වෝකර්" දැනට 15 හැවිරිදි වියේ පසු වෙයි. එසේම සිය පියාගේ එම බූදලය ද ඇය හිමිවෙයි. ඒ සඳහා එළබෙන 28 වැනිදා පෝල් වෝකර්ගේ අන්තිම කැමැත්ත සහ ඔහුගේ සියලූ වත්කම්වල ඇස්තමේන්තු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මේ වනවිට කටයුතු යොදා ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.
පෝල් වෝකර්ගේ රංගන හා නිරූපණ ක්ෂේත්රයෙන් ඉපැයූ මුදලට අමතරව ඔහු ලොව සුපතළ තරුවක් බවට පත්කළ 'ෆාස්ට් ඇන්ඞ් ෆියුරියස්' කතා මාලාවෙන් ඔහු මිලියන ගණනක මුදල් සම්බාරයක් උපයා ඇතැයි ද එම වාර්තාවල දැක්වෙයි. ඒ අනුව එම සියලුම ධනය නීත්‍යානුකූල අයිතිය අනුව පෝල්ගේ දියණිය වන මීඩෝ හට හිමිවනු ඇති.

Post a Comment