GuidePedia

0



සුබාසිරි නරබන්නට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට රැස්වන සිය දහස් ගණනකගේ සිත් පැහැර ගත් දැවැන්ත පුවරුව හැඩ කළ යුවතිය ගැන කතා නොකළ කෙනකු නැති තරම් ය. 'හරිම ලස්සන බ්‍රයිඩ් ... කවුද අනේ ඒ ග්ර්ල්' කවුරුත් ඇහැව්වේ ඒ ගැනයි. ඒ කතාවත් සමගමයි නිෂ්පාදකවරයාට සිතක් පහළ වුණේ සුබාසිරි වැඩ සටහනට තවත් ආකර්ෂණයක් එක් කිරන්නට ඒ යුවතියට නිවේදන කටයුතු සඳහා සම්බන්ධ කරගන්නට.

ඒ හරහා නිවේදන කලාවට අවතීර්ණ වීමේ සිහිනයක් හෝ නැති කෞෂල්‍යා වික්‍රමසිංහගේ මංගල ඡායාරූපය දැකීමෙන් ලැබෙන මේ ඇරැයුම ඇදහිය නොහැකි තරම්. හිතේ තැතිගැම්මකුත් එක්ක කෞෂි සිරස කාර්යාලයට පැමිණෙන්නේ කුතුහලයකිනි. නමුත් ඉන් පසුව කෞෂී මාධ්‍ය ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්න සිතාගෙන ඒ සඳහා මුල පිරුවේ ඉතාම ආසාවෙන්.

කෞෂි දැන් ආදරනීය බිරිදක් වගේම මවක් ද වනවා. ඈ නිවෙදිකාවක් ලෙසත් අනෙකුත් ව්‍යාපාරික කටයුතු ගැනත්, මවක ලෙසත් ඈ පුංචි පුතාගේත් දඟකාර කම් ගැන කියා තිබුණේ මෙලෙසිනි.

"එයාගේ දඟවැඩ ගැන ලියන්න නම් පත්තරේ පිටු මදි වෙයි. ඒ තරමට දඟවැඩ කරනවා. හරිම දඟයි. ඒ වුණාට එයා හරි හුරතල්...... පුතා "කවීන්" එයාට දැන් වයස අවුරුද්දයි මාස අටයි.


මගේ පුතා එක්ක ගත කරන්න තියෙන කාලේ මගෙන් මඟ ඇරෙයි කියලා තමයි අපේ ගෙදර පහළ තට්ටුවට මගේ ව්‍යාපාර කටයුතු අරගෙන ආවේ.

මේ කාලේ තමයි මගේ පුතාට මාව අත්‍යවශ්‍යම කාලේ. පුතාගේ හැමදේම කරන්නෙ මගේ අතින්. මම හැම වෙලේම මගේ පුතා ළඟට වෙලා ඉන්න තමයි උත්සාහ කරන්නේ. අද මම පුතා එක්ක ගත කරන කාලේ හරි වැදගත්. එයාගේ ජීවිතේ පළමුවැනි අඩිතාලම මගේ අතින්ම දාන්නයි මට ඕනේ.

අද සමාජයේ වෙන දේවල් එක්ක මට සමාජය ගැනම ලොකු බයක් තියෙනවා. දරුවෙක් හැදුව පළියට ඔහේ ඒ දරුවට වැඩෙන්න අතහැරලා දාන්න බෑ..... හැමදෙයක් ගැනම හොයලා බලන්න ඕනේ. මගේ මහත්තයා හුඟක් කාර්යබහුල කෙනෙක්. ඒ නිසා එයාගෙන් මඟ හැරෙන හැමදෙයක්ම කරන්නේ මම. මගේ දරුවගේ අනාගතේ ගැන දැන්ම තියා හැමදෙයක්ම සැලසුම් කරලා තියෙන්නේ.

මම වැඩවලට ගෙදරින් පිට ගියාම මගේ අම්මයි, මගේ මහත්තයාගේ අම්මයි තමයි මට ඉන්න විශ්වාසවන්තම අය. පුතා මගේ ළඟ ඉන්නවා වගේ තමයි ඒ දෙන්නා ළඟ ඉන්නෙත්.
 

බබා ලැබෙන්න ඉන්න කාලේ අපේ අම්මලා නම් කිව්වේ දුවෙක් ලැබෙයි කියලා. මටත් ඉන්නේ අයියලා දෙන්නෙක් නිසා පුතෙක් ලැබුණොත් හොඳයි කියලා හිතුණා."

සැමියාගෙන් ලැබෙන සහයෝගය.
"මගේ සැමියා දමිත එයා මාව හරියට තේරුම්ගත්ත කෙනෙක්. ඒක මගේ වාසනාවක්. මාව සතුටින් තියන්න හැමදේම කරනවා. සීමාවක් ඇතුළේ මගේ සාර්ථකත්වය දකින්න කැමැති කෙනෙක්. මගේ සතුට පිටුපස හැමවෙලේම දමිත රැඳිලා ඉන්නවා."

කෞෂිගේ ව්‍යාපාරික වැඩකටයුතු. 
"මේ දවස්වල ටිකක් විතර කාර්යබහුලයි. ආයතන කිහිපයකම සන්නාම තානාපතිනියක් විදියට නැවැතත් ගිවිසුම අලුත් කළා. ඒ නිසා මේ දවස්වල ඒ වැඩකටයුතුත් එක්ක කාර්යබහුල වෙලා ඉන්නේ. අලුත් වැඩසටහන් වගයකට ආරාධනා කළා. ඒ දේවල් ගැනත් හිතනවා ඉතින්...

මම ගොඩක් ලොකු ප්‍රචාරයක් නොදුන්නත් මගේ වටේ විශාල පාරිභෝගිකයෝ ප්‍රමාණයක් ඉන්නවා. ලංකාවේ විතරක් නෙවේ පිටරට අය පවා මාව හොයාගෙන එනවා. ඒ ගැන නම් අහිංසක ආඩම්බරයක් තියෙනවා."

Post a Comment

 
Top