ජනප්‍රිය නිළියක වූ "උපේක්ෂා ස්වර්ණමාලි" ජනතා නියෝජිතවරියක වීමට ප්‍රථම ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ "පබා" ටෙලි නාට්‍යය ඔස්සේ බෙහෙවින් ජනප්‍රියත්වයට පත් වුවා ය. ඒ ජනප්‍රියත්වය අදටත් උපේක්ෂා ස්වාරණමාලි සතුව ඇත්තේ ඈ සතු බව බොහෝ දෙනා දනියි. කෙසේ හෝ ඈ "පබා" ටෙලි නිර්මාණයෙන් අනතුරුව මෙගා නිර්මාණ වලට සහභාගී වුයේ නැත.
නමුත් ඇය ජනතා නියෝජිතවරියක වීමෙන් පසුවද මේ වනවිට මෙගා ටෙලි නාට්‍යයකට දායකත්වය සැපයීමට ඉදිරිපත්වී ඇති අතර ඇමති ධුරයක් ලැබුනහොත් පමණක් රඟපෑමෙන් ඉවත්වීමට සූදානම් බව පසුගියදා පුවත්පතකට ප්‍රකාශකොට තිබුණි.
කෙසේ නමුත් මෙසේ දීර්ඝ නාට්‍යය රූගත කිරීම් වලට සහභාගිවන අතරතුර ජනතාවගේ ගැටළු ගැන සොයාබැලීමට අවශ්‍යය කාලය වෙන්කර ගැනීම ඈ සතු වගකීමකි.
පියවරු දෙදෙනෙකු වසර විස්සකට පෙර සිය දියණිය හා පුතා විවාහ කිරීමට ගිවිස ගැනීමේ සිද්ධියකින් විසි වසරකට පසුව සිදුවන සිද්ධීන් අලලා මෙම ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කර ඇත්තේ "කැලුම් පාලිත මහීරත්න" විසිනි. අද පටන් හිරු නාලිකාව හරහා විකාශනය කරනු ලබන එම මෙගා ටෙලිය "ස්නේහා" නම් වෙති.
එහි ප්‍රධාන නිළිය ලෙස රගදෙන උපේක්ෂා - ස්නේහා ලෙසත්, ප්‍රධාන නළුවාට පන පොවන උද්ධික - ආදිත්‍ය ලෙසත් රංගනයෙන් දායක වනු ලබයි. ප්රවීණනළු නිළි පිරිසකගෙන් සේම යොවුන් නළු නිළි රැසකගෙන් මෙම මෙගා ටෙලිය වර්ණවත් වී තිබේ.
Post a Comment