ඇමරිකා ජාතික සාරා මෙසි පිළිබදව සදහන්වන විදෙස් වාර්තා වලට අනුව ඇය ලොව සිටින විසල් නිතඹවල් හිමි කාන්තාවන් අතුරින් මුල් තැන පසුවන්නියකි. තිස් තුන් හැවිරිදි සාරා විවාහක දෙදරු මවකි. ඇගේ නිතඹ වර්ධනය ඈ කුඩා කාලයේ ඉදලම පැවතිච්ච දෙයක් බවත් සාරා වයසින් වැඩෙද් දී ඒ හා සමානවම ඇගේ නිතඹත් ප‍්‍රමාණයෙන් වැඩෙන්නට පටන්ගෙන ඇත.
"මට ගොඩක් දොරවල් වලින් ඇතුල් වෙන්න බැහැ. හරහට හැරිලා තමයි මම ඇතුල් වෙන්නේ. වාහන පදවන්න බැහැ.ලොකුම ගැටළුව තමයි ඇදුම්. මොකද මගේ ප‍්‍රමාණයට හරියන ඇදුම් කොහේවත් ගන්න නැහැ. ඒවා වෙනම මහන්න වෙනවා.
පාසල් කාලේදී යාළුවෝ මට හිනා වෙනවා. ඒ අයට මට බනින්න බැහැ..... මොකද මං වගේ කෙනෙක් දැක්කම කවුද විහිලූ නොකර සිටින්නේ. මුල දී මම මානසිකව ගොඩක් වැටුණා. මොකද මගේ වැරැද්දක් නිසා නෙවේ මේ වගේ තත්ත්වයක් ඇතිවෙලා තිබෙන්නේ. ඉතින් ඒක මුල් කරගෙන මිනිස්සු විහිළු කරද්දී මට දැනුනේ පුදුම දුකක්.
මම හිතුවා මොකද මම අනිත් අය ගැන සිතන්නේ කියලා. මොකද මට ආදරය කරන පිරිසකුත් හිටියා. අවසානයේ මම විවාහ වුණා. දැන් මට දරු දෙදෙනෙකුත් සිටිනවා. මගේ ජීවිතය සම්පූර්ණයි."
මේ සෑම දෙයක්ම අතරේ තරබාරු බව අඩුකරගැනීමට සාරා ප‍්‍රතිකාර ගැනීම ද සාරා මේ දිනවල සිදුකරයි. තම පෙනුම ගැන කරදර වන කාන්තාවන්ටද ඇය උපදෙසයයි මේ.
"මම කියන්නේ තමන්ගේ පෙනුම ගැන වදවෙන්න එපා කියලා. ඔක්කොමලා තමුන් ගැන වර්ණනා කිරීම අනවශ්‍ය සැළකිල්ලක් දිනා ගැනීමක්. මගේ හැටි බලන්න. ගොඩක් අය මට වඩා හොද පෙනුමක් තබාගෙන වදවෙන හැටි මම දැකලා තිබෙනවා. අනිත් අය කියන දේවල් මත යැපෙන්න එපා. තමුන්ට ආදරය කරන්න. එතකොට ජීවිතය ජයගන්න පිළිවන්."
සාරගේ ඡායාරූප පෙළක් පහතින්.








Post a Comment