GuidePedia

0



ෂකීරාගේ නවතම ගීත වීඩියෝවCan't Remember To Forget You" තහනම් කළයුතු බව කොලොම්බියානු මන්ත‍්‍රණ සභිකයෙකු වන මාකෝ ෆිදෙල් ජාත්‍යන්තර මාධය වෙත ප‍්‍රකාශ කර තිබේ. ෂකීරා රිහානා සමග එක්ව පෙනී සිටින මෙම වීඩියෝව මේ වනවිට ඉමහත් ආන්දෝලනයකට ලක්ව තිබේ.

මාකෝ ෆිදෙල් ෂකීරාට ලිපියක් යවමින් මෙම වීඩියෝව අන්තර්ජාලයෙන් ගලවා දමන්නැයි ඉල්ලා තිබේ . මෙම වීඩියෝව තුළ ෂකීරා හා රිහානා දක්වන රංගනයන් තුළ දුම්පානය කරමින් සයනයක අඩ නිරුවතින් එකිනෙකා හා සමීපව හැසිරීම දරුවනට වැරදි ආදර්ශයක් දෙන බවත්, මෙය සචදාචාරාත්මක නොවන, අසභ්‍ය වීඩියෝවක් බවත් ඔහු පවසා තිබේ. ෆිදෙල් මේ වනවිට සමාජ වෙබ් අඩවි හරහා   ගැහැනු සමලිංගිකත්වය සහ දුම්පානය ට විරුද්ධව සිය විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබේ.

මේ වනවිට යූ ටියුබයෙන් මෙය නරඹා ඇති පේ‍්‍රක්‍ෂක ප‍්‍රමාණය79,971,985කි. මෙය යූ ටියුබයට එක්කර ඇත්තේ 2014 ජනවාරි 30වන දිනය.

ෂකීරා රිහානා සමග ගයන මෙම ගීතය රෙගේ ආරයේ ගීතයකි. ෂකීරා මාධ්‍යවේදියෙකුගේ ප‍්‍රශ්නයකට පිළිතුරුදෙමින් කියා ඇත්තේ ඇය බොහෝ කලායක් ඉමහත් ආශාවෙන් රිහානා සමග මෙවැනි ගීතයක් කිරීම සඳහා බලා සිටි බවයි. ෂකීරා මීට පෙර බියොන්සෙ සමගද වෙනස් ආකාරයේ ගීත වීඩියෝවක් කර තිබිනි. එයද යූ ටියුබයේ වැඩි පේ‍්‍රක්‍ෂක පිරිසක් නරඹා තිබේ.

ෂකීරා ඇයගේ වෙළඳ උපක‍්‍රමය වූ නිතඹ නැටවී,ම රිහානා සමග සයනයක අඩ නිරුවතින් සිප ගැනීම, දුම් පානය කිරීම යන කාරනා නිසා මෙම ගීතය බොහෝ විට අන්තර්ජාලයෙන් ගැලවී යාමට ඉඩ ඇතැයි පවසයි.

ෂකීරා ගායිකාවක ගීත රචිතාවක සංගීත අධ්‍යක්‍ෂවරියක ලෙස සහ මෝස්තර නිරූපිකාවක් ලෙසද ලොව ප‍්‍රසිද්ධව සිටින්නියකි.

එම ආන්දෝලනාත්මක ගීත  වීඩියෝව පහතින්.



Post a Comment

 
Top