තරුණියන් පැහැරගෙන ගොස් දූෂණය කළ පොලිස් නිලධාරීන් ගැන පුවත් අසා සිටි අප පොලිස් නිලධාරිනියක විසින් තරුණයෙකු පැහැරගෙන ගොස් ලිංගික අතවර කිරීමේ පුවතක් පිළිබදව තොරතුරු දැනගත්තේ මීට දින කිහිපයකට ඉහතදී ය. මාධ්‍ය පුරා ප්‍රචලිත වූ මෙම පුවත මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වුයේ පුවත ප්‍රචාරය වී හොරා කිහිපයක් ගතවන්නටත් පෙරාතුවය.
මෙය අපේ පොලිස් ඉතිහාසයේම අසන්නට නොලැබුණු සිද්ධිදාමයක් ද වන්නේ ය. මෙම අසාමාන්‍ය සිද්ධිය ගැන වාර්තා වුයේ බස්නාහිර පළාත් උතුරු දිසා නියෝජ්‍ය පොලිස්පති බල ප්‍රදේශයෙනි. නැතිනම් ගම්පහ දිස්ත්‍රික්කය තුළිනි. මෙම කරුණ අප පුන පුනා සටහන් තබනවා නොව අදාළ සිදු වීමේ තතු නිවැරදිව ඇති සැටියෙන් ඔබ වෙත ගෙනෙනවා පමණි.
අදාළ පොලිස් පරීක්ෂකවරිය අතින් ලිංගික අපයෝජනයට ලක් වන්නේ වෘත්තියෙන් ජනමාධ්‍යවේදියකු වන "ඉන්ද්‍රජිත් සුබසිංහ" ය. අදාළ පොලිස් පරීක්ෂකවරිය සිය බිරිය සමග නිදියහනේ සිටි ඔහුව පැහැර ගෙන ගොස් මේ අයුරින් අපයෝජනයට ලක්කර ඇත.
කාන්තා පොලිස් පරීක්ෂකවරිය වරදකාරිනියක් ලෙස සලකා මහර ප්‍රධාන මහේස්ත්‍රාත් "දර්ෂිකා විමලසිරි" විසින් මෙමස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා ය.
අනතුරුව ඇය විසින් හෝටලයක දී තමන්ට අතවර කළ බව ඉන්ද්‍රජිත් වැඩිදුරටත් පොලිසිය හමුවේ පවසා ඇත.
සිද්ධියේ සැකකාරිය වූ පොලිස් පරීක්ෂකවරිය මෙතෙක් දිනක් පොලිසියට කට්ටි පනිමින් සිට නමුත් අද (06) දහවල් නීතිඥවරයකුද සමග පැමිණි ඇය කඩවත පොලිසියට භාර වී තිබේ. අනතුරුව සැකකාරිය අත්අඩංගුවට ගත් පොලිසිය ඇය මහර ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වෙත පමුණුවනු ලැබීය.
පෑලියගොඩ පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරියක වන "තිම්පු නෙල්කා ශිරෝමාලා" ද විවාහක කාන්තාවකි.
මහර ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අදාළ සැකකාරිය වූ පොලිස් පරීක්ෂකවරිය මේ මාස 19 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරිණ.

Post a Comment